Dr. Vijitha Rohana Wijemuni 2017 lagna palapala

ආචාර්ය විජිත රෝහන විජෙමුණි ලග්න පලාපල-2017 

Dr. Vijitha Rohana Wijemuni 2017 lagna palapala 

2017 නව වසරේ ලග්න පලාපල

 

මේෂ ලග්නය ඃ
මේ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ සිකුරු සහ කේතු සමග 11 වැන්නේද, රාහු 5 වැන්නේද, ගුරු 6 වැන්නේද, ශනි 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේ, සඳු 10 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍රපල ගෙන දෙන නව වසරක් වේ. ලග්න 12 ම ආරම්භ වන්නේ කාලසර්ප යෝග වලින් නිසා වසරේ එම තත්වය උදාවේ.
ධනය ඃ
ලග්නාධිපති කුජ අයස්ථානයේ ධනස්ථානාධිපති සමග සංයෝග වීම නිසා මිල මුදල් අතින් සුභ දායක වේ. මෙතෙක් බිඳවැටී තිබුණු ආර්ථික තත්ත්වය ක්‍රමක්‍රමයෙන් සුභ අතට හැරේ. විශේෂයෙන් ජනවාරි 27 සිට අප්‍රෙල් 06 දක්වාත්, ඔක්තෝම්බර් 26 සිට දෙසැම්බර් 31 දක්වා මෙම සුභදායක තත්ත්වය ඇතිවන බව තවදුරටත් පෙන්වා Èය හැක. මෙතෙක් 8 වැන්නේ ගමන් කළ සෙනසුරු ජනවාරි 26 වෙනි Èන ධනු රාශියට පැමිණෙන නිසා මෙතෙක් අතපසුවී තිබූ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමෙන් එහි Èයුණුවක් ඇතිවේ.
රැකි රක්ෂා ඃ
මෙතෙක් රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටි අයට ජනවාරි 26 න් පසුව එම අවස්ථාව උදාවන අතර, ව්යෙආපාර කරන අයටද මෙතෙක් දුර්වලව පවත්වාගෙන ගිය තම ව්යෙආපාර කටයුතු Èයුණු තත්ත්වයකට පත්කර ගත හැක.
අධ්‍යාපනය ඃ
වර්ෂයේ මැද භාගයෙන් පසුව තර`ග විභාග වලින් ජය අත්වේ.
සුභ දවස්
ඉරිදා, අ`ගහරුවාදා, සෙනසුරාදා
සුභ වර්ෂණය
රතු සහ නිල්

වෘෂභ ලග්නය ඃ

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු, කුජ සහ කේතු සමග 10 වැන්නේද, රාහු 4 වැන්නේද, ගුරු 5 වැන්නේද, ශනි 7 වැන්නේද, රවි, බුධ 8 වැන්නේද, සඳු 9 වැන්නේද, ගෝචර කරමින් සිටිය§ ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපතක් නොවනු ඇත. එයට හේතුව සෙනසුරු ග්‍රහයා 8 වැන්නේ ගෝචර වීම අසුභ පල දෙන තත්ත්වයකි.
ධනය ඃ
ධනය අතින් එතරම් යහපත් කාලයක් නොවේ. මුදල් අතින් දුෂ්කරතා ඇතිවේ.
රැකි රක්ෂා ඃ
තමන් රැකියාව කරන ස්ථානයේ හෝ කාර්යාලයේ සිටින අය තමා ගැන අමනාපකම් ඇතිකර ගන්නා අතර, තනතුරු වලින් පහලට වැටේ. නමුත් ඔක්තෝම්බර් 26 න් පසුව අලුතින් රැකියාවල් ලැබීමට හේතු වේ. විදේශගතවීම් සිදුවන වසරක් බව පෙන්වා Èය හැක. ඉඩකඩම් දේපල, වතුපිටි උරුමවන වසරක් වේ. පෙර පිං මතුවේ. විවාහය ප්‍රමාදවේ.
අධ්‍යාපනය ඃ
ඥානය වැඩිÈයුණු වන කාලයකි. අමුතු ඉගෙනීම් වලට, අලුත් කරුණු ±නගැනීමට ඉඩප්‍රස්ථාව ලැඹේ
සුභ දවස්
බදාදා, සිකුරාදා, ඉරිදා
සුභ වර්ෂණය
සුදු

මිථුන ලග්නය ඃ

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේද, රාහු 3 වැන්නේද, ගුරු 4 වැන්නේද, ශනි 6 වැන්නේද, සඳු 8 වැන්නේද, කුජ, සිකුරු, කේතු 9 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වසරේ මුල් භාගය තරමක් අසුභ වුවද, අප්‍රේල් 6 වෙනිදායින් පසුව ඔක්තෝම්බර් 26 දක්වා සුභ දාවක වන අතර, ඔක්තෝම්බර් 26 න් පසුව තරමක් අසුභ කාලයක් බව කිව හැක.
ධනය ඃ
අප්‍රේල 6 වෙනිදායින් පසුව ධනය අතින් සුභ දායක තත්ත්වයක් ඇතිවන අතර, ඔක්තෝම්බර් 26 න් පසුව එම තත්ත්වය තරමක් දුරට පිරිහී යන තත්ත්වයක් ඇතිවේ.
රැකි රක්ෂා ඃ
රැකි රක්ෂා වලින් සහ වෙළඳ ව්යෙආපාර වලින් බලාපොරොත්තු වූ තරමට ලාභ අත් නොවන අතර, වියදම් අධික කරන වසරක් ලෙස පෙන්වා Èය හැක.
අධ්‍යාපනය ඃ
විභාග වලින් ජය අත්වන වසරක් වේ. අලුත් සොයාගැනීම් වලට සුභදායී වසරක් වේ.
සුභ දවස් ඃ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුභ වර්ෂණය
කොළ, කහ

කටක ලග්නය ඃ

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු 7 වැන්නේද, රාහු 2 වැන්නේද, ගුරු 3 වැන්නේද, ශනි 5 වැන්නේද, රවි බුධ 6 වැන්නේද, කුජ සිකුරු කේතු 8 වැන්නේද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වේ.
ධනය ඃ
වර්ෂයේ මුල් භාගයේ ආදායම් තත්ත්වය යහපත් වන අතර, නැවත ඔක්තෝම්බර් 26 න් පසුව ආදායම් තත්ත්වය සුභදායී වේ. ගනුදෙනු වලින් ලාභ ලැඹේ
රැකි රක්ෂා ඃ
රැකි රක්ෂා නැවතී තිබුණිනම් නැවත ආරම්භ වන අතර, නැවතී ගිය රැකී රක්ෂා නැවත ලැබීමට පු`ඵවනි.
අධ්‍යාපනය ඃ
නව සොයාගැනීම් වලට හොඳ වසරක් වේ. ඥාණය වැඩිÈයුණු වේ. අධ්‍යාපන තත්ත්වය හොඳ වේ.
සුභ දවස් ඃ ඉරිදා, සඳුදා, අ`ගහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුභ වර්ෂණය
සුදු

සිංහ ලග්නය ඃ

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි බුධ සමග 5 වැන්නේද, රාහු ලග්නයේද, ගුරු 2 වැන්නේද, හනි 4 වැන්නේද, සඳු 6 වැන්නේද, කුජ කේතු සිකුරු 7 වැන්නේද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් වර්ෂයක් නොවනු ඇත. එහෙත් ගුරු මහා දසා ගතකරන අයට පමණක් සුභ දායක වසරක් ලෙස පෙන්වා Èය හැක.
ධනය ඃ
ධනය හීනවීමක් සිදුවන අතර, දුප්පත් භාවයට පැමිණේ. අධික වියදම් ඇතිවේ. මිල මුදල් අතින් අගහි`ගකම් ඇතිවේ. මිල මුදල් හානිවී යයි. ලැබෙමින් තිබූ ආදායම් මාර්ග ප්‍රමාද වේ. දරුවන් වෙනුවෙන් අධික වියදම් ±රීමට සිදුවේ.
රැකි රක්ෂා ඃ
රැකි රක්ෂා තනතුරු වලින් පහල වැටේ. විදේශගත වී ඇතිවන වසරක් වේ.

අධ්‍යාපනය ඃ
විභාග වලින් බලාපොරොත්තු වූ තරමට ප්‍රතිඵල අත්නොවේ. ගුරු මහා දසාව ගතකරන අයට විභාග වලින් ජය අත්වේ.
සුභ දවස් ඃ ඉරිදා, අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා
සුභ වර්ෂණය
රතු

කන්‍යා ලග්නය ඃ

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේද, ගුරු ලග්නයේද, ශනි 3 වැන්නේද, සඳු 5 වැන්නේද, කුජ කේතු සහ සිකුරු 6 වැන්නේද, රාහු 12 වැන්නේද, ගෝචර කරමින් සිටිය§ ආරම්භ වන මෙම වර්ෂය ඔබට ජුනි 20 දක්වා එතරම් සුභ දායක නොවේ. ජුනි 20 වෙනි Èන සිට ඔක්තෝම්බර් 26 වන Èන දක්වා ඔබට සුභ දායක තත්වයක් ඇතිවන බව පෙන්වා Èය හැක. ගුරු ලග්නයේ ගමන් කරන මෙම වසර තුළ තදබල මාරක අපල කිසිවක් ඇති නොවන අතර, සෙනසුරු මහා දසා, කුජ මහා දසා ගතකරන අයට සුභපල අත්වන බව පෙන්වා Èය හැක.
ධනය ඃ
හදසි ධන ලාභ ජුනි 20 න් පසුව ඇතිවේ. ජනවාරි 26 වන Èන සිට අප්‍රේල් 6 දක්වා තරමක් දුරට ධනය අතින් අපහසුතා ඇතිවිය හැක.
රැකි රක්ෂා ඃ
රැකි රක්ෂාවෙන් විශ්‍රාම ගැනීමට සිතේ. රැකියාවේ මාරුවීම් ඇතිවන වසරක් වේ.
අධ්‍යාපනය ඃ
ඉගෙනීම් වලින් තරමක් දුරට පහල බසින තත්ත්වයක් ඇතිවන අතර, අධ්‍යාපනයට එතරම් සුභ කාලයක් නොවේ. ධාරන ශක්තිය අඩුවේ.
සුභ දවස් ඃ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුභ වර්ෂණය
කොළ

තුලා ලග්නය ඃ

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු කුජ කේතු සමග 5 වැන්නේද, ශනි 2 වැන්නේද, රවි බුධ 3 වැන්නේද, සඳු 4 වැන්නේද, රාහු 11 වැන්නේද, ගුරු 12 වැන්නේද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍රපල ගෙනදෙන වර්ෂයකි. රාහු මහා දසා ලබා ඇති තුලා ලග්න හිමියන්ට පමණක් සුභ පල අත්වන වසරක් ලෙස පෙන්වා Èය හැක. මෙතෙක් හත් අවුරුදු හය මාසේ ඒරාෂ්ටකය ගත කළ තුලා ලග්න හිමියන්ගේ එම ඒරාෂ්ටකය ජනවාරි 26 වෙනිදායින් පසුව පහවී යයි. නමුත් අප්‍රේල් 6 වෙනිදායින් පසුව ඔක්තෝම්බර් 26 දක්වා නැවත එම ඒරාෂ්ටක අපලය ඇතිවන නිසා තවදුරටත් ඔක්තෝම්බර් 26 දක්වා කරදර සහිතය.
ධනය ඃ
අධික වියදම් ඇතිවන වසරක් වේ. වසර අවසානයේ§ හÈසි ධනලාභ ඇතිවේ.
රැකි රක්ෂා ඃ
රැකි රක්ෂා කටයුතු වල නව Èයුණුවක් ඇතිවේ. කලින් කරන ලද රැකියාවට වඩා වැටුප් වැඩිවීම් සහිත උසස්වීම් සහිත නව රැකියාවල් උදාවේ. තනතුර උසස් වේ.
අධ්‍යාපනය ඃ
ගුප්ත විද්‍යාවන් කෙරෙහි අවධානය යොමුවේ. ධාරන ශක්තිය අඩුවේ. මෙතෙක් අහිමිවී තිබුණු රැකියාව නැවත හිමිවේ.
සුභ දවස් ඃ අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුභ වර්ෂණය
සුදු

වෘශ්චික ලග්නය ඃ

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ කේතු හා සිකුරු සමග 4 වැන්නේද, ශනි ලග්නයේ, එවි බුධ 2 වැන්නේද, සඳු 3 වැන්නේද, රාහු 10 වැන්නේද, ගුරු 11 වැන්නේද, ගෝචර කරමින් ආරම්භ වන මෙම නව වසර වෘශ්චික ලග්න හිමියන්ට මිශ්‍රපල ගෙන දෙන වර්ෂයක් වේ. ගුරු මහා දසා ගතකරන අයට සෑම අතින් සුභාදයක නව වසරක් ලෙස පෙන්වා Èය හැක. අලුත් නිවාස මිල§ ගැනීමට ඉඩකඩම් මිල§ ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. තවදුරටත් සෙනසුරා ග්‍රහයා දෙවැන්නේ ගෝචර ගමනේ යෙදෙන බැවින්, වැඩකටයුතු වලට බාධා පැමිණෙයි. එම නිසා ශාන්තිකර්ම කෙරෙහි අවධානය යොමුකරන්න.
ධනය ඃ
ආදායම ඉහල යයි. වියදම්ද අධිකවේ. විදේශ සංචාර තුලින් ධනය උපයා ගත හැක.
රැකි රක්ෂා ඃ
රැකි රක්ෂා බලාපොරොත්තු අයට වෙනදාට වඩා විදේශ රැකියා කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි වසරක් වේ. ගුරු මහා දසා ගතකරන වෘශ්චික ලග්න හිමියන්ට මෙම වසරේ අලුතින් රැකියාවල් සොයාගත හැකි අතර, තමන්ගේ ශ්‍රමයට මරිලන වැටුපක්ද ලබාගත හැකි වසරක් වේ.
අධ්‍යාපනය ඃ
අධ්‍යාපන තත්ත්වය සතුටුදායක වේ.
සුභ දවස් ඃ ඉරිදා, අ`ගහරුවාදා, බ්‍රහස්පතින්දා
සුභ වර්ෂණය
රතු

ධනු ලග්නය ඃ

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගුරු දසවැන්නේද, රවි බුධ ලග්නයේද, සඳු 2 වැනනේද, කුජ කේතු සිකුරු 3 වැන්නේද, රාහු 9 වැන්නේද, ශනි 12 වැන්නේද, ගෝචර කරමින් සිටිය§ ආරම්භ වන මෙම වසර ඔබට එතරම් යහපතක් නොවේ.
ධනය ඃ
ධන ලාභ නොලැබී යයි. ධන හානි සිදුවේ. වියදම් අධික වේ. එම නිසා අලුතින් නිවාස ඉÈකිරීමට සුදුසු වසරක් වේ.
රැකි රක්ෂා ඃ
රාහු මහා දසා ගතකරන අයට රැකියාවේ කරදර ඇතිවන අතර, විදේශ සංචාර තුලින් ධනය උපයාගත හැකි වසරක් වේ.
අධ්‍යාපනය ඃ
උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට වසරේ මැද භාගය දක්වා බාධා ඇතිවේ. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතවීම් ඇතිවය හැක.
සුභ දවස් ඃ ඉරිදා, බදාසා, සිකුරාදා, සෙනසුරාදා
සුභ වර්ෂණය
කහ

මකර ලග්නය ඃ

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු 11 වැන්නේද, සඳුලග්නයේද, කුජ කේතු සිකුරු 2 වැන්නේද, රාහු 8 වැන්නේද, ගුරු 9 වැන්නේද, එවි බුධ 12 වැන්නේද ගෝචර කරමින් සිටිය§ ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍රපල ගෙන දෙන වසරකි.
ධනය ඃ
ධන හා ඇතිවේ. ආදායම් මාර්ග වැසී යයි. එම නිසා නිවාස ඉÈකිරීමට ඉඩම් මිල§ ගැනීමට ණය පදනම මත වාහන ගැනීමට සුභ වසරක් වේ.
රැකි රක්ෂා ඃ
වෙළඳ ව්යෙආපාර කරන අයට ඉතා ප්‍රවේසමෙන් එම කටයුතු කල යුතු කාලයක් වේ. රැකී රක්ෂාවේ හÈසි මාරුවීම් බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවස්ථාව උදාවේ.
අධ්‍යාපනය ඃ
සෙනසුරා මහා දසා ගතකරන අයට විභාග වලින් තමන් බලාපොරොත්තු වූ තරමටම ජය අත් නොවේ. එම නිසා උත්සාහයෙන් කටයුතු කළ යුතු වසරක් වේ.
සුභ දවස්
අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුභ වර්ෂණය
නිල්

කුම්භ ලග්නය ඃ

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි 10 වැන්නේද, කුජ කේතු සිකුරු ලග්නයේද, රාහු 7 වැන්නේද, ගුරු 8 වැන්නේද, රවි බුධ 11 වැන්නේද, සඳු 12 වැන්නේද ගෝචර කරමින් සිටිය§ ආරම්භ වන මෙම වර්ෂය ඔබට සුභ පල ගෙන දෙන වසරක් වේ. කුම්භ ලග්න හිමියන්ට 2017 වර්ෂය ඉතා සුභදායී වසරක් වේ. ජනවාරි 26 වනදායින් පසුව කුම්භ ලග්න හිමියන්ට අප්‍රේල් 6 දක්වා සුභපල අත්වන අතර, නැවත ඔක්තෝම්බර් 26 න් පසුව සෑම අතින්ම සුභදායී තත්ත්වයක් ඇතිවන වසරක් ලෙස පෙන්වා Èය හැක.
ධනය ඃ
ධනලාභ ලැඹේ හÈසි ධනලාභ කොමිස් මුදල් හිමිවේ. ණය ගනුදෙනු වලින් ලාභ ඇතිවේ. වෙනදට වඩා ආදායම වැඩිවේ. ලාභ බලාපොරොත්තුවෙන් කරන කටයුතු වලින් වාසි ඇතිවේ.
රැකි රක්ෂා ඃ
රැකි රක්ෂා වන නිරත අයට උසස් තනතුරු ලාභ ලැඹේ වැටුප් වැඩිවේ. රැකි රක්ෂා කටයුතු Èයුණුවේ. තම පත්වීම ස්ථීර වේ.
අධ්‍යාපනය ඃ
තර`ග විභාග වලින් ජය අත්වේ. ඉගෙනීමේ යෙ§ සිටින අයට උසස් ප්‍රතිඵල අත්වේ.
සුභ දවස් ඃ අ`ගහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
සුභ වර්ෂණය
රතු, නිල්

මීන ලග්නය ඃ

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 7 වැන්නේද, රාහු 6 වැන්නේද, ශනි 9 වැන්නේද, රවි බුධ 10 වැන්නේද, සඳු 11 වැන්නේද, කුජ කේතු සිකුරු 12 වැන්නේද ගෝචර කරමින් සිටිය§ ආරම්භ වන මෙම වර්ෂය ඔබට සුභ පල ගෙනදෙන නව වසරක් වේ.
ධනය ඃ
ධනය වෙළඳ ව්යෙආපාර වලින් අධික ලාභ ලැබෙන වසරක් වේ. මිල මුදල් හා ධනය උසස් තත්වයකට පත්වේ. ආදායම් ලබන මාර්ගය වැඩිවේ. බලාපොරොත්තු රහිත හÈසි ධනලාභ ලැබෙනවා ඇත. දේපල පිළිබඳ ලාභද ලැබෙනු ඇත.
රැකි රක්ෂා ඃ
රැකී රක්ෂා Èයුණුව ඇතිවේ. රැකී රක්ෂා තනතුරු වලින් උසස් වීම් ලැඹේ රැකී රක්ෂා සඳහා විදේශගත වීමට අවස්ථාව උදාවේ.
අධ්‍යාපනය ඃ
පොත පත කෙරෙහි අවධානය යොමුවන වසරක් වේ. අලුත් විෂයන් භාෂාවන් ඉගෙන ගැනීමට ලැඹේ වෛද්‍ය ඉංජිනේරු අංශ වල අධ්‍යාපනයේ නිරත වන අයට යහපත් කාලයක් අත්වනු ලැඹේ
සුභ දවස් ඃ අ`ගහරුවාදා, බ්‍රහස්පතින්දා
සුභ වර්ෂණය
රතු, කහ

Add Comment

16 + eleven =